පසුගිය වසර 75ක කාලය තුළ ඉහළම ප්රබලතාවකින් යුතුව එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පවසනවා.
මීට පෙර 95%ක් ලෙස පැවති මෙම පුරෝකථනය මේ වන විට 98% දක්වා වර්ධනය වී ඇති බවයි අධ්යක්ෂ ජනරාල්වරයා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර, පෙබරවාරි, මාර්තු සහ අප්රේල් යන මාසවලදී ඇතැම් ප්රදේශවලට දැඩි නියඟයක් ඇති විය හැකි බවට ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

