ඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් බලා පිටත් වූ Air India AI-171 ගුවන් යානය පිටත් වී තත්පර ගණනකින් පසු අහමදාබාද් නගරයට කඩා වැටී තිබෙනවා.
මෙම ගුවන් යානයේ පුද්ගලයින් 242ක් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ කාර්ය මණ්ඩලය 12ක් දෙනෙක් සහ මගීන් 230 ක් ලෙසයි.
මෙම ගුවන් යානය Boeing 787-8 Dreamliner වර්ගයේ ගුවන් යානයක් වන අතර එය ගුවන් ගත වී අඩි 625 ක් ඉහළ සිට කඩා වැටී තිබෙනවා. එය කඩා වැටී ඇත්තේ අහමදාබාද් නගරයේ රෝහලක වෛද්‍යවරුන් නවාතැන් ගන්නා ගොඩනැගිල්ලක් මතටයි. ඒ හේතුවෙන් එහි සිසුන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමිවි ඇති බවට ද වාර්තා වනවා..
මෙම සිද්ධියත් සමග අහමදාබාද් හි සර්දාර් වල්ලභබායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා..
අනතුරට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර සිද්ධියෙන් කොතෙක් ජීවිත හානි සිදුව ඇති දැයි තවමත් නිල වාර්තාවක් ඉදිරිපත් වී නැහැ.
![]() |