මේ හේතුවෙන් ලුණු හිඟය මඟහරවා ගැනීමට ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට කටයුතු කල අතර එම ලුණු තොගය ලබන සතියේ මෙරටට ලැබෙන බවයි ලංකා ලුණු සමාගම පවසා ඇත්තේ. එසේ ලැබෙන ලුණු තොගය මාස 3ක්ට ප්‍රමාණවත් බවයි පැවසෙන්නේ.
වෙළඳපොළේ ලුණු හිඟයක් මතුව ඇත්තේ පසුගිය මාර්තු 15 වනදා සිට හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලුණු අස්වැන්න ලබාගැනීමට නොහැකි වීම නිසා බවයි වාර්තා වන්නේ.
ලුණු ආනයනය කිරීමට ලබන මස 10 වැනිදා දක්වා රජයේ ලුණු සමාගම් දෙකට සහ පෞද්ගලික වෙළෙඳුන්ට අවසර ලබා දී ඇති බවයි ලංකා ලුණු සමාගම පවසන්නේ.
මේ අතර මෙට්‍රික් ටොන් 15,000 කට අධික ලුණු අස්වැන්න හදිසියේ ඇති වූ වර්ෂාවත් සමඟ විනාශ වී ගිය බව ලුණු නිෂ්පාදකයින් පවසා තිබෙනවා. නොසිතු ලෙස ඊයේ සිට ඇදහැලෙන වර්ෂාවත් සමඟ ලේවායන් වල ලුණු පදම් වෙමින් තිබියදී මෙලෙස ඒවා විනාශ වී ගිය බවයි පුත්තලම ප්‍රදේශයේ ලුණු නිෂ්පාදකයින් සඳහන් කර ඇත්තේ.