gossiplanka alexa මෛත්‍රී, කබ්‍රාල්, නාමල්, යෝෂිත චෝදනාවලට ප්‍රතිචාර දක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රී, කබ්‍රාල්, නාමල්, යෝෂිත චෝදනාවලට ප්‍රතිචාර දක්වයි

ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් ඊයේ (03) පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී  මෙරට සිදු වූ දූෂණ වංචා පිළිබඳ ප්‍රකාශයන් සිදු කලා. ඒ සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ පාර්ශව කිහිපයක් ප්‍රතිචාර දක්වා තිබුණා. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 

මාධ්‍ය නිවේ‍දනය

*ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කල ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධවයි.*

‍ අද දින (2022/05/03)ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකු බැඳුම්කර වංචාවට අදාල කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම පවුලේ උදවිය හට මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. 

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇත. ඉදිරියේදී මෙම ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි.

මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහබැංකු වංචාවේ දූෂිත ගණුදෙනු හෙලිකර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණනයන් හා ශ්‍රේෂ්ඨාධිකරන විනිෂ්චකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කරමින් මහබැංකු බැඳුම්කර වංචාව විමර්ශණය කිරීම සඳහා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විද‍ෙස් ගෞරවයට පාත්‍ර වූ කාරණයක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

ස්තූතියි,

*සමිර ද සිල්වා*

පුද්ගලික ලේකම්,

හයවන විධායක ජනාධිපති.

------------------------------------------------------------------------------------------------------------------------

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල්

නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය.

රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.

ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.

එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.

මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.

එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.

-----------------------------------------------------------------------------------------------------------------------------

යෝෂිත රාජපක්ෂ

“ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2022.05.03 වන දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිළිබඳව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී  2022.05.03 දින පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

එකී මාධ්‍ය ප්‍රකාශයේ දී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය”

-----------------------------------------------------------------------------------------------------------------------------

නාමල් රාජපක්ෂ








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu