gossiplanka alexa සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” ඊයේ (25) දින  වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බවයි. ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන්  ජනාධිපතිවරයා සෑම තැනකම, සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බව රාජ්‍ය නායකයන් හමුවේ යළි අවධාරණය කළා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහත්වරු විවාදය සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළා. විවාදයේ පළමුවන වටයේ දී එන්නත් නිෂ්පාදනයේ දී සහ බෙදාහැරීමේ දී මතුව ඇති අභියෝග, ගුණාත්මකභාවය, අඩු ආවරණයක් සහිත රටවල අවශෝෂණ ධාරිතාව, බෙදාහැරීමේ අනුපාතය වැඩිදියුණු කිරීම සහ සැපයුම් පුරෝකථනය සහතික කිරීම පිළිබඳ කතිකාවට ලක් වුණා. 

විවාදයේ දෙවන වටයේ දී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නවෝත්පාදන සහ විසඳුම් හඳුනාගැනීම සිදුකරන අතර ගෝලීය එන්නත්කරණ සඳහා වේගවත්ව ක්‍රියාත්මක වීම අපේක්ෂා කරනු ලබනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය, එන්නත් සන්ධානය වන ‘ගවි’ (GAVI) හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙත් බර්ක්ලි (Seth Berkley) සහ රාජ්‍ය නායකයන් රැසක් සමුළුව ඇමතුවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu