gossiplanka alexa පාස්කු ප්‍රහාරය ගැන කියන්න කාදිනල් හිමියන් පාප්වහන්සේ හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරය ගැන කියන්න කාදිනල් හිමියන් පාප්වහන්සේ හමුවෙයි

ජීවිත ගණනාවකට දිවි අහිමි කල 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ලංකා රජය මෙතෙක් අනුගමනය කල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවී සිටින කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිතව තිබෙනවා. 

එහිදී කාදිනල් හිමියන් විසින් පස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳව ශුද්ධෝත්තම පියතුමන් දැනුවත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. 

මෙම හමුව ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්ලේෂකයන් පවසනවා.

මේ අතර යුක්තිය උදෙසා වන ලෝක සංවිධානයේ සම්බන්ධීකාරක ස්ටීවන් ම්‍යුලර් ඉතාලිය ඇතුළු යුරෝපයේ සියළු රටවල ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක් කරමින් කියා ඇත්තේ මෙම හමුව පැවැත්වෙන පෙරවරු 11.00ට වතිකානුවේ ශාන්ත පීටර්ස් චතුරශ්‍රයට එක් ‍රැස් වන ලෙසයි. ඒ වින්දිතයින්ට යුක්තිය ඉ‍ටුවීම වෙනුවෙන් යාඥා කිරීමටයි. එසේ සහභාගී විය නොහැකි අයට උදෑසන 11ට තමන් සිටින ස්ථානයක සිට ඊට සහාය පළ කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටිනවා. 

කාදිනල් හිමිපානන් පවසන්නේ පාස්කු වාර්තා සම්පූර්ණයෙන් ඉදිරිපත් කල බව රජය පැවසුව ද තමන් රජයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu