ජූනි 07න් පසු සංචරණ සීමා ක්‍රියාත්මකවන ආකාරය

travel restriction implemented after june 7දැනට පවතින සංචරණ සීම එළඹෙන 07වනදායින් පසුව දීර්ඝ කිරීමට මේ වන විට තීරණයක් ගෙන නොමැති නමුත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රධානීන් සහ කොරෝනා මර්ධන කමි‍ටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

එළඹෙන 07වන දා සංචරණ සීමා පූර්ණ වශයෙන් ඉවත් කළ ද නිවසකින් පිටව යා හැක්කේ එක් අයෙකුට පමණක් බව ඒ මහතා වැඩි දුරටත් පවසනවා. ජාතික හැඳුනුම්පත් අංක අනුව නිවසකින් එක් පුද්ගලයෙකුට අවශ්‍යතාවය මත බැහැර යා හැකි වුවත් ‍රැකියා සඳහා යාමට අවසර හිමිවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu