හජනතාවට ලබා දිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජන් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් හට උපදෙස් ලබා දී තිබෙනවා. 

මෙම තොරතුරු 2021 මාර්තු මස 01 වන දින වන විට ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මේ වන විටත් ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කර ඇති පැකේජයන් අනුමත කිරීමේ ක්‍රියාවලිය දියත් කර ඇති බව  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව 2021 අප්‍රේල් මස වන විට ජනතාවට අසීමිත අන්තර්ජාල සැලසුම් අපේක්ෂා කල හැකි බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ.