gossiplanka alexa පාතාල කල්ලියක් සතු වැඩිම ගිනි අවි ප්‍රමාණය හෝමාගමින් සොයා ගැනේ, ගිනි අවි ‍රැස්කළ හේතුව ගැන නවතම අනාවරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාතාල කල්ලියක් සතු වැඩිම ගිනි අවි ප්‍රමාණය හෝමාගමින් සොයා ගැනේ, ගිනි අවි ‍රැස්කළ හේතුව ගැන නවතම අනාවරණය

හෝමාගම පිටිපන කිරිබේරියකැලේ ප‍්‍රදේශයේ ඉයේ (29) සිදු කළ වැටලීමක දී මෙරට ක්‍රියාත්මක පාතාල කල්ලියක් සතුව තිබූ වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමත්ව තිබෙනවා. මෙම ස්ථානයේ තිබී ගිනි අවි 12ක් සොයා ගෙන තිබෙනවා.

මෙම ගිනි අවි  දැනට බන්ධනාගාරගත කර සිටින ගගන නැමැති පුද්ගලයාට අයත් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. අදාළ ගිනි අවි සමඟ පොට්ට කපිල නම් ගගනගේ සමීපතමයෙකු ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සීට්ටු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් පිහිටි ගොඩනැගිල්ලක තිබී සොයා ගත් මෙම ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි 7ක් මෙම ස්ථානයට ගෙනැවිත් ඇති බවද තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම ගිනි අවි සීට්ටු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලට අයත් ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරන්නට ඇති බවයිසැක පළ කරන්නේ.

තොරතුරු තවත් විමර්ශනය කිරීමේ දී හෙළි වී ඇත්තේ බන්ධනාගාරගත කර සිටින ගගන නැමැත්තා මෙම ගිනි අවි ‍රැගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කංජිපානි ඉම්රාන්’’ නමැත්තා ඝාතනය කිරීමට බවයි. ගගන සහ කංජිපානි ඉම්රාන් යන දෙදෙනාම බූස්ස බන්ධනාගාරයේ වෙන් වෙන් සිරමැදිරි තුළ සිරගතව සිටිනවා. කංජිපානි ඉම්රාන් නඩු කටයුතු සඳහ අධිකරණය වෙත ‍රැගෙන යාමේදී වෙඩි තබා ඝාතනය කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

ගිනි අවි සමඟ අත් අඩංගුවට ගත් පොට්ට කපිල නැමැත්තා මාතර ප‍්‍රදේශයේදී ඉකුත් දා සිදුවූ රන් ආභරණ කොල්ලයට සම්බන්ධ බවත් ගිනි අවි සඟවා තිබූ වෙළඳසැලේ හිමිකරු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වු තැනැත්තෙක් බවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. වෙළඳසැල් හිමිකරු කඩුවෙල වසන්ත නම් පාතාල සමාජිකයාගේ සමීපතමයෙක් බවත් තොරතුරු හෙළිව තිබෙනවා.

මේ වන විට වෙළඳසැල්හිමිකරු ඇතුළුව ඔහුගේ බිරිඳ සහ සේවකයින්08 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත් අඩංගුවට ගෙන විශේෂා ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu