Breaking News - 5 ශිෂ්‍යත්වය, උසස් පෙළ විභාගය කල් යයි

https://www.gossiplanka.com/2020/06/exam-postpond.html
අගෝස්තු 03 වන දින පැවැත්වීමට නියමිතව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන දින පැවැත්වීමටද උසස්පෙළ විභාගට සැප්තැම්බර් මස 7 වන දින ආරම්භ කිරීමට ද තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් මස 7 වන දින ආරම්භ වන උසස්පෙළ විභාගය ඔක්තොබර් මස 02වන දින අවසන් වීමට නියමිතයි.

එසේම පාසැල් නිවාඩු කාලය ජූනි මස 29 වනදා අවසන් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ජූනි මස 29 වන දින එසේ පාසැල් ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යනය කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මණ්ඩල සඳහායි.

5,11,13 ශ්‍රේණි සඳහා පාසැල් ආරම්භ වන්නේ ජූලි 06වන දිනයි. ජූලි 20වනදා සිට 24වනදා දක්වා 10 සහ 12 ශ්‍රේණි සඳහා පාසැල් විවෘත වන අතර ජුලි 27වදා සිට  3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුන් සඳහා පාසැල් විවෘත වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu