ආගමික දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්, තලෙයිබාන් සංවිධානය ප්‍රහාරය හෙලා දකී

https://www.gossiplanka.com/2020/06/bomb-attack.html
ඊයේ (12) සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරතුර ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් යාඥාවලට සහභාගී වී සිටි ආගමික නායකයා සහ තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම මේ වනතෙක් කිසිවෙක් භාරගෙන නොමැති අතර තලේබාන් සංවිධානය ද මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu