තාලියේ සිට පැමිණ හෘදයාබාධයක් යැයි පවසමින් රාගම රෝහලට ඇතුළත් වු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පසුව දැනගන්නට ලැබුණා.

ඔහු ඉතාලියේ සිට පැමිණි බවක් කිසිවෙකුටවත් පවසා නැති අතර මේ හේතුව නිසා රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නිරෝධායන ක්‍රියාවලියට යොමු වීමට සිදු වුණා.

කෙසේ වෙතත් නවතම තොරතුරු වාර්තා කරන්නේ එම රෝගියාට ප්‍රතිකාර කළ රාගම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට ද කොරෝනා වෛරසය වැළදී කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇත් බවයි. 

වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප‍්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු යයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.