රෝසි සේනානායකත් ඉවතට, සජිත් පිල එජාප ‍රැස්වීම වර්ජනයක


සරත් ෆොන්සේකා මහතා  සහ අජිත් පී පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට මීට පෙර වාර්තා වුණා. එක්සත් ජාතික පක්ෂ අළුත්ම වාර්තා සඳහන් කරන්නේ එම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් රෝසි සේනානායක මහත්මිය සහ ඉමිටියාස් බාකීර් මාකර් යන දෙදෙනා ද ඉවත් කර ඇති බවයි.

සජිත් පිල නියෝජනය කරන කිසිවෙකුත්  අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව සඳහා  සහභාගී නොවීමට තීරණය කර ඇති බවත් නවතම වාර්තා වල සඳහන්. ඒ මෙම ඉවත් කිරීමට විරෝධය පෑමක් වශයෙන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu