පොහොට්‍ටුව සහ ශ්‍රීලනිප ය සන්ධානගත වී ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන්නේ නම් පක්ෂ ලකුණ වෙනස්කළ යුතු බව  ශ‍්‍රීලනිපය පවසා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මතය වී තිබෙන්නේ පොහොට්ටුව ලකුණින්ම ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බව යි.

මෙසේ මත දෙකක් ඉදිරිපත් වීම නිසා මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබී නැහැ. ඒ නිස යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

මෙම කරුණ ගැන අවසන් එකගතාවයක් ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකදී තීන්දු ගනු ඇතැයිද වාර්තා වනවා.