මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟි පළවී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධූරය හිමිවුවහොත් එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.