ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනුයුක්ත කිරීමට අදහස් කර් ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී පවසා තිබෙනවා.
“හතුරුසිංහ මහත්මයා ඉවත්වෙන්නේ නෑ කියනවා නම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කාන්තා ක්රිකට් කණ්ඩායමට එසේ නැත්නම් ඇකඩමියට දානවා. නැත්නම් වෙන මොනවා කරන්නද? “හතුරුසිංහ සහ ක්රිකට් ආයතනය අතර ගිවිසුමක් තියෙනවානේ. එහි ක්රිකට් ආයතනයටත් බලතල තියෙනවා” යැයි එම නිලධාරියා පවසා තිබෙනවා.