මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහා ජාතියක් බවත් ඒ අනුව කිසිවෙකුටත් බිය නොවිය යුතු බවත් එක්විය යුතු බවත් පවසමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබෙනවා.


ඒ ඊයේ (11දා) සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවැති හමුවකදීය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකා අනන්‍යතාව රැක ගැනීම සියලු දෙනාගේම වගකිම බවයි.