gossiplanka alexa බදුර්දින්ගෙන් අගමැතිට අභියෝයගක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුර්දින්ගෙන් අගමැතිට අභියෝයගක්


විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට දින ඉල්ලා ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් ඇති වුණා. එහි දී කතානාඅක වරයා පැවසුවේ දිනයක් තීරණය කිරීමට
විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (23) පෙරවරුවේ කැඳවන බවයි. කෙසේ වෙතත්  ඊයේ දිනයේදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.


මෙ අතර පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ බදුර්දීන් ඇමතිවරයා අගමැතිවරයාට අභියෝග කල බවක්.

"විශ්වාසභංග යෝජනාවේ පැහැදිලිව තියනවා මේ වෙනකොට ත්‍රස්තවාදී පනත යටතේ අත් අඩංගුවට අරන් තියනවා රිෂාඩ් බදුර්ර්දීන් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක්. ඒවගෙම ඔහුගේ උපදේශකවරයෙක් අත් අඩංගුවට අරන් තියනවා. ඒ විතරක් නෙමේ මේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට සහාය දුන්නු පුද්ගලයා අත් අඩංගුවට ගත් වෙලාවේ ඔවුන් නිදහස් කරන්න රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පැහැදිලිව හමුදාපතිවරයාට බලපෑම් කරලා තියනවා. එහෙමනම් මීට වඩා මොනවද රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව කතා කරන්න තියෙන්නේ. 

මේ ආණ්ඩුව හදන්න මං උදව් කලා. ඒ නිසා මට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය කතා කරනවානම් මම හෙට ආණ්ඩුවෙන් එළියට යනවා. පුළුවන්නම් ආණ්ඩුව තමුන්නාසේලා ගෙනියන්න කියන්න ආණ්ඩුවට ඊයේ රිෂාඩ් අභියෝග කලා. අගමැතිවරයා බොහොම බය වුණා. 

ඒ  නිසා පැහැදිලිව මේ ආණ්ඩුව කරන්නෙ මේ රටේ දහස් ගාණක් ජීවිත විනාශ කරපු ත්‍රස්තවාදයට උදව් කරපු පුද්ගලයෙක් රකිනවා තමනෙග ආණ්ඩුව ආරක්ෂාකර ගැනීම සඳහා. එ.ජා.ප. මන්තීවරු විශාල පිරිසක් මේකට ඡන්දය පහැදිලිවම ප්‍රකාශකරනවා කියලා කිවුවා. 

ඒ විතරක් නෙම ටී.එන්.ඒ පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඊයේ අපිත් එක්ක කතා කලා. ටී.එන්.ඒ එකට දැඩි බලපෑමක් එල්ල කරනවා මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දෙ දෙන්න ඕන කියලා. එදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිවුවා තමුන්නාන්සේලා මේ වගේ අන්තවාදීන් ආණ්ඩුවේ තියාගන්න එපා. 

අපි සහයෝගය දෙන්නම් ඕන්නම් මේ මාස 6 යන්න. මේ විස්වාසභංග යෝජනාව ඉදිරි දවස් දෙක තුන තුළ අපිට ගේන්න දුන්නේ නැත්නම් පාර්ලිමේන්තු කටයුතු ගෙනියන්න අපි ඉඩ දෙන්නෙ නෑ. අපි පාර්ලිමේන්තුවේ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා . " යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu