gossiplanka alexa ලන්ඩනයේදී දෙමළ උද්ඝෝෂකයන්ට එරෙහිව නැගී සිටි වීරයාගෙ සේවය අත්හිටුවන්න නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලන්ඩනයේදී දෙමළ උද්ඝෝෂකයන්ට එරෙහිව නැගී සිටි වීරයාගෙ සේවය අත්හිටුවන්න නියෝග



ලන්ඩනයේදී දෙමළ 
උද්ඝෝෂකයන්ට එරෙහිව 
නැගී සිටි වීරයාගෙ 
සේවය අත්හිටුවන්න නියෝග - (Video)

ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පසුගිය 04 වනදා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව පැවති නිදහස් සැමරුම අවස්ථාවේ විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවා තිබෙන අතර විදේශ ආමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වහා ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් යුධ හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවත්ය.

මෙම නිදහස් සැමරුම අවස්ථාවේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් තනාපති කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි අතර, ඒ මොහොතේ එතැනට පැමිණි අදාළ නිළාධාරිවරයා උද්ඝෝෂණකරුවන් වෙත සිංහ කොඩිය පෙන්වා, ගෙල හරහා ඇඟිල්ලක් යවමින් යම් අභිනයක් කරනු දැකගන්නට ලැබුණා අතර මෙම අවස්ථාවේ වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූණා.

පසුව අදාළ නිළධාරිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එරට සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් පැමිණිළි කොට තිබූ අතර ඔහුව එරටින් පිටුවහල් කරන ලෙස එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වුණා.

වීඩියෝ සහ ඡායාරූප පහතින්,


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu