gossiplanka alexa අඩි 3000 ක්‌ පමණ ගැඹුරු මුහුදේ අතුරුදහන් වූ ආජන්ටිනා සබ්මැරීනය හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අඩි 3000 ක්‌ පමණ ගැඹුරු මුහුදේ අතුරුදහන් වූ ආජන්ටිනා සබ්මැරීනය හමුවෙයි

අඩි 3000 ක්‌ පමණ ගැඹුර
මුහුදේ අතුරුදහන් වූ ආජන්ටිනා සබ්මැරීනය හමුවෙයි
නැවියන් 44 දෙනාම අවසන් නින්දේ

ආජන්ටිනාවට අයත් සබ්මැරීනයක් අඩි 3000 ක්‌ පමණ ගැඹුරු මුහුදේ දී, පසුගිය නොවැම්බර් මස 15 වන දින අතුරුදන් වූ බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සනාථ කරගෙන තිබෙනවා. මෙම සබ්මැරීනය 1983 වසරේදී නිෂ්පාදය කර ඇති අතර සැන්ජුමන් නමින් හඳුන්වන මෙම
සබ්මැරීනය දිගින් මීටර් 66 ක් පමණ වෙනවා.

මෙම සබ්මැරීනය තුල නාවිකයන් 44 දෙනෙකු ද, ඒ අතර එලියානා ක්‍රව්සියාන් නමැති ආජන්ටිනාවේ නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියද මෙම සබ්මැරීනය අතුරුදහන් වනවිට එහි ගමන් කර තිබෙනවා.

මේ සඳහා විශේෂ ඇමරිකානු යාත්‍රාවක් ලබා දී මෙම සබ්මැරීනයේ සිටි නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම වෙනුවෙන් කටයුතු යොදා තිබුනද එමගින් වරකට බේරාගත හැකි නැවියන් ප්‍රමාණය 18 කට සීමා වී තිබුණා. තවද මෙම සබ්මැරීනය තුල ඔක්සිජන් වායුවද අවසන් වී ඇති අතර සබ්මැරීනය තුල පිපිරීමක්ද සිදුව තිබෙනවා.මේ හේතුවෙන් ආජන්ටිනා හමුදාව ප්‍රකාශ කරන අන්දමට දැනටමත් සියළුම නැවියන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.එහෙත් මෙම සබ්මැරීනය කුල ඇතිවූ පිපිරීම පිළිබඳව ඇමරිකාව දැනගෙන සිට එය වසන්කල බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu