gossiplanka alexa ඉදිරි පැය 8 අවධානයෙන් සිටින්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි පැය 8 අවධානයෙන් සිටින්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්


ඉදිරි පැය 8 අවධානයෙන් සිටින්න, 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් 
අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (13දා) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8ක කාලය සඳහා  විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාල කාලසීමාව තුල ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා නිකුත් කල මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබෙනවා. එසේම මේ පවතින තත්වය මත අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

 එසේම  අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකත අංකය භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන්ම මෙම කාල සීමාව තුල එළිමහනේ හෝ ගස් යට සිටීමෙන් වළකින ලෙසත්, කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි සහ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu