gossiplanka alexa ගායන ශීල්පිනී ජින්ජර් වයිට්ගේ වාහනය අඩි 60ක ප්‍රපාතයකට පෙරළෙයි - ජින්ජර් ඇතුළු සිව් දෙනකු රෝහලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගායන ශීල්පිනී ජින්ජර් වයිට්ගේ වාහනය අඩි 60ක ප්‍රපාතයකට පෙරළෙයි - ජින්ජර් ඇතුළු සිව් දෙනකු රෝහලේ


ගායන ශීල්පිනී ජින්ජර් වයිට්ගේ වාහනය අඩි 60ක ප්‍රපාතයකට පෙරළෙයි - ජින්ජර් ඇතුළු සිව් දෙනකු රෝහලේ

සුප්‍රකට ගායන ශිල්පිනී ජින්ජර් වයිට්‌ හදිසි රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පසුගියදා රාත්‍රී කාලයේදී දෙනියාය ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

මෝටර් රථය කොස්‌මෝදර පොලිස්‌ වසමේ දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර
අනතුර සිදුවන මොහොතේ ජින්ජර් සහ ඇයගේ පුත්‍රයා මෙන්ම තවත් ඥාතී පුත්‍රයෙකුද වාහනය තුළ සිට තිබෙනවා.

මෙම අනතුර අලුයම 1.15 ට පමණ සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා සිටි ජින්ජර් ඇතුළු පිරිස දෙණියාය රෝහලට ඇතුළත් කර පසු ජින්ජර් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය පැදවූ රියදුරුට නින්ද යාම හේතුවෙන් බව පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් මේ දිනවල දැඩි වර්ෂාපතනයක් පවතින නිසා දෙනියාය ප්‍රදේශයේ මාර්ග ලිස්සා යෑමේ අනතුරු බහුලව දක්නට ලැබෙන බවත් එලෙස රථය වංගුවක් ගැනීමේදී ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu