මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමේ වැඩපිළිවෙලක්

විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජංආඪිපථිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම රැස්වීමේදී මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමව්පියන් සෘජුව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මීට අමතරව, අවදානම් තත්ත්වයේ පසුවන දරුවන් පිළිබඳව දෙමාපියන්ට සම්බන්ධ විය හැකි විශ්වසනීය පුද්ගලයෙකුගේ සහ ක්‍රමවේදයක වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය සම්පූර්ණයෙන්ම බිඳ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළ යුතු බව මෙහිදී අවධාරණය කර ඇත.

මේ සඳහා ක්‍රියාත්මක වන ආයතන මධ්‍යගත කරමින් නව ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ කටයුතු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.


උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu