මෙරට ඉතිහාසයේ පළමු පෞද්ගලික ගුවන් යානය රත්මලානට

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය (ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයේ) ඔස්ට්‍රේලියාවේ පර්ත් නුව සිට රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන රත්නපුරේ උපන් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතාමෙම ජෙට් යානයේ හිමිකරුවනවා. ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව ඔහු ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් හිමි ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක්.

මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක උසකින්, පැය 14ක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානය මගීන් 17 දෙනෙකුට පහසුකම් සපයනු ලබනවා. එහි නිදන මැදිරියක්, භෝජනාගාරයක්, විවේක කලාප සහ මුළුතැන්ගෙයකින් සමන්විතයි.

ඔහුගේ බිරිඳ වන බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේ සමඟ මෙම ගමනට එක්වූ අතර, ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සහ මෙරටට ජාත්‍යන්තර ආයෝජකයන්ගේ අවධානය යොමු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu