ඒ 'කැපිටල් සිටි ලෝ' නීතිඥ සමාගම මඟින් නිකුත් කළ ප්‍රසිද්ධ නිවේදනයක් මඟින්.
ඒ අනුව එම ගීත වාණිජ අරමුණින් යුතුව යළි ගායනා කර පටිගත කිරීම, උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හා එළිමහන් වේදිකාවල ගැයීම, ‘කවර් වර්ෂන්ස්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම, මහජනතාව වෙත වාණිජ පරමාර්ථයෙන් විකාශය කිරීම සහ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම සපුරා තහහම් වනවා.
කෙසේ වෙතත් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ වාණිජ්‍ය නොවන අරමුණින් සිදුකරන අධ්‍යාපනික ගායනා ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග ආදියේ දී මෙම ගීත ගායනා කිරීමට කිසිදු තහනමක් පනවා නැහැ.

