මරණ දඬුවම ගැන තවම නිල තීරණයක් නැහැ - ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ පැවති ගොවි රැලියක් අමතමින් අවධාරණය කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් නිර්මාණය වී තිබුණද, මේ දක්වා ඒ පිළිබඳව රජය විසින් නිල තීරණයක් ගෙන නොමැති බවයි.

ආණ්ඩුව කිසිදු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොවන ප්‍රධාන කරුණු දෙකක් ඇති අතර, ඉන් එකක් පාතාලය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් පවසා තිබෙනවා. රට තුළ ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ ඒවාට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලය සම්පූර්ණයෙන්ම මර්දනය කරන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවූ පුද්ගලයන් 70කට වැඩි පිරිසක් දැනටමත් දිවයිනට ගෙන්වා ඇති බව ද ඔහු සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu