අද (12) දිනයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්ද ඇති විය හැකියි.
එසේම මධ්‍යමං ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.
උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී (30-40) ක පමණ තරමක තද සුළං පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.