අධිවේගී මාර්ග භාවිතයේ දී ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් නිවේදනයක්

ධිවේගී මාර්ග භාවිතා කිරීමේ දී ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. 

නමුත් ඊට අදාළ පහසුකම් මෙතක් සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් අධිවේග මාර්ග භාවිතයේ දී ගෙවීම් සිදු කිරීමට ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිතා කිරීම කල් යන බවයි මර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ. 

පසුගිය මාසයේ 11 වන දින අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේදී ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu