පසුගිය අප්‍රේල් මස 22 වන දින වැල්ලම්පිටිය සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නිවසක පැවැති අවුරුදු සාදයක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර පළාත් පාලන අපේක්ෂකයෙකු වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් අත අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙසයි හඳුනාගෙන ඇත්තේ. අවුරුදු 52ක් වයසැති ඔහු වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා ඩෑන් ප්‍රියසාද් ගේ බිරිඳගේ සහෝදරියගේ මාමණ්ඩිය බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ. මොහු ඩෑන්ගේ සහෝදරයාගේ ඝාතනයට ද සම්බන්ධ සැකකරුවෙක් බවයි අනාරවණය කරගෙන ඇත්තේ.