හ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ එම සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබුණ ද එම නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.