සියලු පක්ෂ නායකයින් එක්ව ඉල්ලා සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම් බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කර සිටියා.
පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට දැනුම් දුන්නේ පක්ෂ නායකයින් ඒ සඳහා කැමැත්තෙන් සිටින බවයි.
ඔවුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඔහු කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.