gossiplanka alexa "රඹුක්කන වෙඩි පහරින් මිය ගිය තරුණයාට යුද හමුදාපති මඩ ගහනවා" - හරීන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"රඹුක්කන වෙඩි පහරින් මිය ගිය තරුණයාට යුද හමුදාපති මඩ ගහනවා" - හරීන්

සමගි ජනබලවේග පක්ෂයේ හරීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාට මඩ ගසමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා  Whatsapp සමාජ මාධ්‍යයෙහි විවිධ දෑ පලකරන බවයි. මියගිය තරුණයා දේශපාලන පක්ෂවලට සම්බන්ධ බවට සදහන් සටහන් යුදහමුදාපතිවරයා Whatsapp group වල පලකරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසනවා. 

දේශපාලනයෙන් තොරව කටයුතු කලයුතු ස්වාධීන තනතුරක් වන යුදහමුදාපති ධූරය දරන යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙම ක්‍රියාකලාපය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ. 

යුද හමුදාපතිවරයා පලකර ඇති සටහනෙහි මියගිය චමින්ද ලක්ෂාන් තරුණයා 2007 වසරේදී මියගිය හර්ෂ හෙට්ටිආරච්චි මහතාගේ මරණයට සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගත කරසිටි අයෙක් බවත් කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වන සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් ලෙස ක්‍රියාකල බවත් පසුගිය කාලයේදී සමගි ජනබලවේගය පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් ලෙස ක්‍රියාකර ඇති බවත් සඳහන් කර ඇති බව මන්ත්‍රීවරයා පවසනවා. 

කෙසේ වෙතත් විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේ කරුණු සත්‍ය බවට මොහොතකට සිතුවද එය ඔහුට වෙඩි තැබීමට සාධාරණ හේතුවක්ද යන්නයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu