gossiplanka alexa මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති සංශෝධනය ගැන තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති සංශෝධනය ගැන තීරණයක්

එක් රටක් එක් නීතියන් කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සඳහා කාති උසාවි තහනම් කිරීම සහ මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ ක්‍රමය නතර කිරීම යන සංශෝධන එක් කිරීම පිළිබඳව මුස්ලිම් ප්‍රජාවගේ විරෝධය පළ කරන බව අධිකරණ ඇමති අලි සබ්‍රි ප්‍රකාශ කලා. ඊට විරෝධය පළ කරමින් සරත් වීරසේකර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන  ඇමතිවරුන් කියා සිටියේ එක රටක එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ලැබෙන තුරු සංශෝධන ගෙන ඒම නතර කළ යුතු බවයි. 

මේ සම්බන්ධයෙන් පසුගිය 21 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඇමති මණ්ඩල ‍රැස්වීමේ දී සාකච්ඡා කල අවස්ථාවේ දී අමාත්‍යවරුන් විසින් එලෙස තම අදහස් පළ කර තිබුණා.

මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමට ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව තීරණය කර තිබුණා. එහෙත් එම නීති සංශෝධනය කරමින් දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින් සඳහා බහු විවාහ සිදු කිරීමට අවසර ලබා දීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට පසුගියදා අධිකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලා.

එක් එක් ජන කොට්ඨාශවලට වෙන් වූ නීති සකස් කිරීම පිළිබඳව ඇමති සරත් වීරසේකර සිය විරෝධය පළ කර සිටියත් ඇමති වාසුදේව නානායක්කාර පැවසුවේ එක් එක් ජාතින්ට අනන්‍ය වූ සංස්කෘතිකාංග තිබෙන බැවින් නීති පැනවීම ගැටලුවක් නොවන බවයි. 

කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිත්වය දරන එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළකී සිටීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu