gossiplanka alexa අද විදුලිය කපනවාද ? ජනාධිපතිවරයාගේ තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද විදුලිය කපනවාද ? ජනාධිපතිවරයාගේ තීරණය

පවතින විදුලි අර්බුදය හමුවේ අද සහ හෙට දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. අද (24) සව්ස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා ත් හෙට (25) දහවල් 1.30 සිට රාත්‍රී 9.30 දක්වාත් කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි පැවසෙන්නේ. 

විදුලි ඉංජිනේරුවරුන් එසේ පවසන අතර තුර විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. ජනාධිපතිවරයා සමඟ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. 

මුහුදේ නැංගුරම් ලා ඇති ඉන්ධන නෞකා දෙකක් ගොඩබෑම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා. ඒ දුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජනාධිපතිවරයා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයක් අනුවයි. ඒ අනුව ඉදිරියේ දී විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සහ දැවි තෙල් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනවා. 

එම නෞකා දෙක තුළ ඇති ඩීසල් දින 08කට සහ පෙට්‍රල් දින 06කට ප්‍රමාණවත් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ. 

මේ වන විට දැවි තෙල් මඟින් ක්‍රියාත්මක වන සපුගස්කන්ද විදුලි බලාගාරය මුළුමණින්ම අක්‍රිය වී ඇති අතර එයට ඩිසල් ලබාදීමට පියවර ගනු ලබන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu