අද (15) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි පැවසෙන්නේ. 

මිරීගම සිට කුරුණෑගල දක්වා වූ මෙම අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර් 40.91ක් වන අතර එය මංතීරු 4ක් යටතේ ඉදිකර තිබෙනවා. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල දී  මුදල් ගෙවීමේ කවුළු සහිතව මෙම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඉදිකර ඇති බව සඳහන්. 

මෙම අධිවේගී මාර්ග කොටස දැනට ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.