gossiplanka alexa පුපුරා යන ගෑස් ලිප්වලට නියම විසඳුමක්, බලධාරීන්ගේ අවධානය පිණිසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුපුරා යන ගෑස් ලිප්වලට නියම විසඳුමක්, බලධාරීන්ගේ අවධානය පිණිසයි

ගෑස් කාන්දුව නිසා ගිනි ගන්නා ගෑස් ලිපට නියම විසඳුමක් සොයා ගැනීමට ගෝනපීනුවල, අලුත්වල ප්‍රදේශයේ පදිංචි 13හැවිරිදි පාසැල් සිසුවෙකු සමත් වී තිබෙනවා. දෙනෙත් ඉඳුවර මානවඩු නැමති මෙම සිසුවා ඉගෙනුම ලබන්නේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 8 ශ්‍රේණියේය. ඔහුගේ පියා විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. 

මැටි සහ සිමෙන්ති අමුද්‍රව්‍ය ලෙස යොදා නිපදවා ඇති මෙම ලිපට ගෑස් වශයෙන් භාවිතා කරන්නේ පොල්ක‍ටු අඟුරුය. දැල්වෙන අඟුරු ගෑස් තත්ත්වයට පත් කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ පංකාවක් (ෆෑන් එකක්) යොදාගෙන තිබෙනවා. ඒ සඳහා විදුලිය හෝ වොට් 12ක ප්‍රමාණයේ බැටරියක් යොදා ගත හැකියි. පොල්ක‍ටු පහකින් පමණ වේලක කෑම සකසා ගත හැකි ලෙස සකස් කර ඇති මෙම ලිප මඟින් රස්නයක් පිටතට නොයන බැවින් මේසයක් මත වුවද තබාගෙන පාවිච්චි කළ හැකියි. 

එම ලිප මත තබන වළං සහ කේතල් කළු පැහැ නොගන්නා අතර ලිපෙන් දුමක් පිට නොවේ. 

මේ පිළිබඳව අදහස් දක්වන දෙනෙත් ඉඳුවර සිසුවා. 

"මේ දවස්වල රූපවාහිනිය හා පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි රට පුරා ගෑස් ලිප් පුපුරා යෑම පෙන්වන එක. අපේ අම්මත් උයන්නේ ගෑස් ලිපේ. මට අම්මා ගැනත් බය හිතුනා. ඒකට පිළියමක් ලෙස ආරක්ෂිත ගෑස් ලිපක් හදන්න හිතුණා. 

මට මේකට ලොකු වියදමක් ගියේ නැහැ. ගොඩක් දෙනෙක් මගේ නිර්මාණය අගය කළා. මෙය තවත් වැඩි දියුණු කර වෙළඳපොළට යොමු කරන්න පුළුවන් තත්ත්වයට ගෙන එන්න මම බලාපොරොත්තුවනවා. මෙම ලිප නිසා අපේ අම්මා දැන් ආරක්ෂිතයි. මට රජයෙන් හෝ ආයතනයකින් සහයෝගය ලබා දෙනවා නම් රටේ සියළුම අම්මාවරුන්ට ආරක්ෂාවක් සැලසෙන මෙවන් ලිප් හදා දෙන්න මට පුළුවන්"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu