gossiplanka alexa මුරුත්තෙට්ටුවේ ආනන්ද, සමන් රත්නප්‍රිය පරදමින් ජවිපෙ කණ්ඩායමට විශිෂ්ට ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුරුත්තෙට්ටුවේ ආනන්ද, සමන් රත්නප්‍රිය පරදමින් ජවිපෙ කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසුම ඊයේ පැවැත්වුණා. එම පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 66%ක්. 

අනෙක් සාමාජිකයා ලෙස ජයග්‍රහණය කර ඇත්තේ ස්වාධීනව තරඟ කරන ලද කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවියයි. 

මෙම ඡන්ද විමසීමෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ලබා ගෙන ඇත්තේ 18%ක ප්‍රතිශතයකි. එසේම සමන් රත්නප්‍රිය මහතා මෙහෙයවන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 16% ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. 

සමස්ත හෙද සභාව සාමාජිකයින් 19 දෙනෙකු නියෝජනය කරනවා. ඉන් තවත් සාමාජිකයින් 6 දෙනෙකු ශ්‍රී ලංකා හෙද සභාවට තවත් ක්‍ෂෙත‍්‍ර කිහිපයකින් නිලවරණ පවත්වා ‍තෝරා ගන්නා අතර අනෙක් 8 දෙනා තවත් ක්ෂේත්‍ර නියෝජනය කරන ලෙස නිල බලයෙන් පත් කර ගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu