ත්නපුරයෙන් හමුවූ කිලෝ 510ක් බ‍රැති මැණික් පොකුරට එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 250ක ලන්සුවක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් එම මැණික් පොකුරේ හිමිකරුවන් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් ඒ සඳහා එකඟත්වය පළ කර නැහැ. 

එම මැණික් පොකුර සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම මැණික් පොකුර විකිණීමෙන් ලංකාවේ ණය මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් ගෙවා දැමිය හැකි බවයි පෙර දී අදාළ බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ. 

රත්නපුරයෙන් හමු වූ මෙම මැණික් පොකුර ලොව විශාලතම කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුර ලෙස හඳුන්වනු ලැබුවා.