මෙරට ජනතාවට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබා දීමට අවධානය

phizer as third doseපසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා ‍රැස්වීමක දී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සඳහා මෙරට ජනතාවට තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි. 

ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වන මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහි දී දන්වා තිබුණා. 

ඒ අනුව මෙරට සෞඛ්‍ය අංශවල  ඒ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. දැනට ලබා දී ඇති එන්නත් මාත්‍රා දෙකෙයි ප්‍රතිශක්තිකරණය අනුව තුන්වන මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීමටයි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇත්තේ. නමුත් එසේ ලබා දෙන්නේ කුමන එන්නත් මාත්‍රාවක් ද යන්න මෙතෙක් තීරණය වී නැහැ. රටවල් කිහිපයකම මෙසේ තුන්වන මාත්‍රාව ලෙස ලබා දී තිබෙන්නේ ෆයිසර් එන්නතයි. 

එන්නත්කරණය සම්බන්ධයෙන් වන උපදේශක කමිටුව තීරණය කර ඇත්තේ තුන්වන මාත්‍රාව හෝ බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂණ මඟින් තීරණය කිරීමටයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu