මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. බිම් මට්ටමේ සේවාවේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල අවදානමක සිටියදී වෛද්‍ය වෘතිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අංශ ගත් තීරණවලට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගත් බව සඳහන්.එසේ වෛද්‍ය වෘතිකයින්ගේ සාමාජිකයින්ට එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ගැටළුවක් නොමැති නමුත් ඒක පාර්ශවීය ලෙස සෞඛ්‍ය අංශ කටයුතු කිරීම නිසා මෙසේ විරෝධය පළ කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසනවා.
ඒ අනුව අද උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සේවකයින් අතර මෙසේ පංතිභේදයක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙස ඔවුන් සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. එවැනි ක්‍රියා සිදු කිරීමෙන් සෞඛ්‍ය සේවකයින් කොරෝනා මර්දන වැඩසටහනින් ඉවත් වුණහොත් ජනතාව විශාල අර්බුදයකට පත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඉදිරියේ දීත් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ද එන්නත ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවිය හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ.

