country-ban-air-travel-srilanka
ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගීන් ‍රැගෙන යාම රටවල් 05කින් අත් හි‍ටුවා තිබෙනවා. අද (12) අළුයම සිට මෙය ක්‍රියාත්මක වන බව කටුනායක ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කරනවා. 

එම රටවල් වන්නේ ඉතාලිය, සිංගපූරුව, පිලිපීනය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තො‍ටුපොළ යි.

කෙසේ වෙතත් එම රටවල් වෙත ගුවන් භාණ්ඩ ‍රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට අවස්ථාව හිමිව තිබෙන අතර එම රටවල සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමිව තිබෙනවා.