china rocket fallen to earthපාලනයෙන් ගිලි හී ඇති චීන රොකට්‍ටුවක කොටස් කැබලි පොළොවට කඩා වැටීමට නියමිත බව ඊයේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා. එම රොකට්‍ටුව වරින් වර ශ්‍රී ලංකාව අසලින් පවතින බව ද ප්‍රකාශ කෙරුණා. 

අද (09) චීනය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ LONG MARCH-5B නම් මෙම රොකට්‍ටුවේ කැබලි කොටස් ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දෙසින් පිහිටි සාගර කලාපයට කඩා වැ‍ටුණු බවයි. 

මෙහි බොහෝ කොටස් පෘථිවි කක්ෂයට ඇතුල්වීමේ දී විනාශ වී ඇති බව චීන අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානය පවසනවා.