මෙරටින් ඊයේ (26) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් ප්‍රමාණය 541ක් වන අතර ඉන් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ 304ක්. ගම්පහ, මිරිස්වත්ත, පෑලියගොඩ,කැලණිය, ජා-ඇල, උඩුගම්පොළ, කදාන, ගණේමුල්ල, මිනුවන්ගොඩ, වත්තල, මහර, කිරිබත්ගොඩ, ප්‍රදේශවලින් එම පිරිස වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 42ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැරණියගලින් එක් අයෙක් මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් එක් අයෙක් බදුල්ල හාලි ඇලෙන්  එක් අයෙක් සහ පුත්තලම දංකො‍ටුවෙන් එක් අයෙක් ලෙස රෝගීන් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී හමුවූ රෝගීන් ගණන 191ක් වන අතර කොළඹ (1-15) රෝගීන්77ක්, කොටිකාවත්ත 04ක්, මෝදර 04ක්, කොටහේන 04ක්, මට්ටක්කුලිය 06ක්, අංගොඩ 02ක්, ගෝනවල 01ක්, පංචිකාවත්ත 01ක්, වෑබොඩ 03ක්, වැල්ලම්පිටිය 12ක්, බියගම 63ක්, මොර‍ටුව 02ක්, කඩුවෙල 01ක්, මුල්ලේරියාව 02ක්, කොළොන්නාව 02ක්, ඔරුගොඩවත්ත 02ක්, කෙසෙල්වත්ත 01ක්, ග්‍රෑන්ඩ්පාස් 02ක් ලෙස රෝගීන් වාර්තා වනවා.