https://www.gossiplanka.com/2020/08/death-valley-temperature.html
''මරණයේ නිම්නය'' හෙවත් ඩෙත්වැලි ජාතික උද්‍යානයෙන් ඊයේ (17) දිනයේ දී පෘථිවියේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා. එය සියවසකට අධික කාලය තුළ පෘථිවියෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි. 

මෙම ගණනය කිරීම් සිදු කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය මගින් ස්ථාපිත කර ඇති ස්වයංක‍්‍රීය නිරීක්ෂණ පද්ධතිය මඟින්.

එය සෙල්සියස් අංශක 54.4 ක අගයක් ගනු ලැබුවා. මීට පෙර සෙල්සියස් අංශක 56.7 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 1913 දීය. එය ද ඩෙත් වැලි හෙවත් මරණයේ නිම්නයෙන් වාර්තා වී තිබෙනවා. 1913 දී වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.7 ක්.