ගාල්ලෙන් මාරුකර එවා ඇති, වැලිකඩ බන්ධනාගාරයේ තවත් ‍රැඳවියෙකුට කොරෝනා

https://www.gossiplanka.com/2020/07/welikada-prisoner-corona.html
තවත් වැලිකඩ බන්ධනාගාර ‍රැඳවියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.
එම ‍රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවා ඇති බැවින් මේවන විට ගාල්ල බන්ධනාගාරයේ ‍රැඳවියන්, නිලධාරීන් ඇතුළු 200 දෙනෙකු පමණ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

එසේම මෙම ‍රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ද ප්‍රතිකාර ලබා ඇති නිසා එම රෝහල් කාර්ය මණ්ඩලය ද පරීක්ෂණයට යොමු කර ඇති බව සඳහන්.

මෙම ‍රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට සිටි අයෙකු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu