https://www.gossiplanka.com/2020/07/railway-station-unawatuna-close.html
කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ හබරාදූව ප්‍රදේශයේ උපදෙශකවරයා උණව‍ටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් උණව‍ටුන දුම්රිය ස්ථානය අද (13) දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අද දිනයේ දී උණව‍ටුන දුම්රිය ස්ථානය විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගත් බව උණවටුන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

උණව‍ටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද පී.සී.ආර් පරීෂාවට ලක් කර ඇති අතර අදාළ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති.