https://www.gossiplanka.com/2020/07/podujana-peramuna-meeting-cancel.html
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මැතිවරණ ප්‍රචාරණ ‍රැස්වීම් අත් හි‍ටුවා තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියළු ප්‍රචාරණ ‍රැළි නවතා දමන ලෙස සංවිධායකයින්ට උපදෙස් දී තිබෙනවා.

13,14,15 යන දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියළු ‍රැස්වීම් ද නොපැවැත්වෙනු ඇති.


මැතිවරණ අපේක්ෂයින්ගේ සියළු කුඩා ‍රැස්වීම් සීමා කරන ලෙසත් එසේ ‍රැස්වීම් පවත්වන්නේ නම් සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වන ලෙසත් දන්වා තිබෙන බව සඳහන්.