https://www.gossiplanka.com/2020/07/2-government-officers-arrest.html
කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙක් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමඟ අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

එම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී පෑලියගොඩ පට්ටිය හංදියේ ප‍්‍රදේශයේදී ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. 

අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රු. ලක්ෂ 25ක් පමණ වන බවයි තොරතුරු වාර්තා වන්නේ.