https://www.gossiplanka.com/2020/06/kebithigollewa-corona.html
කුවේට් හි සිට මෙරටට පැමිණි කාන්තාවකට කොරෝනා රෝගය ආසාදිත යැයි තහවුරු වීමෙන් පසුව ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා ගත්තා. ඉන්පසු එම කාන්තාව සුව වීමෙන් අනතුරුව පෙරේදා (14) දින රෝහලෙන් පිටත්ව ගියා.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව නිවසට ගිය පසු නැවත කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමත් සමඟම අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී සිදු කල පරීක්ෂණවලින් ඇයට නැවතත් කොරෝනා රෝගය ආසාදිත යැයි තහවුරු වී තිබෙනවා. මේ වන විට එම කාන්තාව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.