අමෙරිකානු පොලීසියෙන් නැවත ඝාතන තැතක්, මාධ්‍යවේදියෙක් සමාජගත කල වීඩියෝවෙන් ජනතාව තවත් කුපිත වේ- VIDEO

https://www.gossiplanka.com/2020/06/america-police-hit-person.html
අමෙරිකා පොලිස් නිලධාරින් විසින කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමත් සමඟ ඇති වූ උද්ඝෝෂණ මේ වන විට ඉතාමත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පැමිණ තිබෙන අතර පොලීසිය විසින් උද්ඝෝෂකයින්ට පහර දීම මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරීමට හේතු වී තිබෙනවා.

නිව්යෝක් හි පැවති උද්ඝෝෂණයක් අතර තුර අමෙරිකානු පොලිස් නිලධාරීන් වයස අවුරුදු 75ක පුද්ගලයෙකුට පහර දී තිබෙනවා. මෙම වයෝවෘද්ධ පුද්ගලයා බැටන් පොල්ලක් ආධාරයෙන් තල්ලු කර බිම හෙලන අයුරු එතන සිටි මාධ්‍යවේදියෙක් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

බිම වැටුණු පුද්ගලයාගේ කනෙන් ලේ ගලා යන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරභකර ඇති අතර නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් එම පහරදීම සිදු කල පොලිස් නිලධාරීන් දෙදෙනාගෙ වැඩ තහනම් කර තිබෙනවා.

පහර කෑ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu